石川県の風景

සම්මන්ත්‍රණය:
“ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයේ වැඩ කරමු!”

මේ පාර සතියේ දවස්වල සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න බැරි වෙච්ච ශිෂ්‍යන් ඉල්ලුවා සති අන්තේ, ඒ කියන්නේ සෙනසුරාදායි ඉරිදායි තව සම්මන්ත්‍රණ පවත්වන්න පුළුවන්ද කියලා. ඉතින් අපි සෙනසුරාදායි ඉරිදායි තව සම්මන්ත්‍රණ පවත්වන්න තීරණය කළා!

ඉෂිකාවා ප්‍රාන්තය කියන්නේ හරිම මනරම් පරිසරයක් තියෙන ප්‍රදේශයක්. ජපන් ශෛලියෙන් ජීවත් වෙන්න ඔයාලට පුළුවන්. ටෝකියෝවල හෝ ඕසකාවල ඉඳන් මෙහෙට හරිම ලේසියෙන් එන්න පුළුවන්. විදේශිකයන්ටත් මෙහේ ජනප්‍රියයි.

මේ සම්මන්ත්‍රණයේදී, ඉෂිකාවා ප්‍රාන්තයේ රැකියාවක් තෝරගන්න එකේ ප්‍රයෝජන ගැන දැනගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම මේ සම්මන්ත්‍රණයේදී දැනටමත් මේ ප්‍රාන්තයේ රැකියා කරන ශ්‍රී ලංකාවේ ජාතිකයෙක්ගේ සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත් වීඩියෝ බලන්නත් ඔයාලට අවස්ථාව ලැබෙනවා.

තව, ජපානයේ වැඩ කරන විදිහ ගැනයි මෙහේ රැකියාව හොයන්න විදිහ ගැනයි පැහැදිරි කරන්න ලැබෙනවා.

ඔයාලට හොඳම අවස්ථාවක්. මේ සම්මන්ත්‍රණයට දැන්ම Apply කරන්න.

ඉලක්කය

  • ජපානයේ වැඩ කරන්න ඉරක්කයක් තියෙන ශ්‍රී ලංකාවේ ජාතිකයන්
  • ජපානයේ අධ්‍යාපන ආයතනයක ඉගෙනගන්න ඉරක්කයක් තියෙන ශ්‍රී ලංකාවේ ජාතිකයන්

සංවිධායක

ඉෂිකාවා ප්‍රාන්තය, ILAC(Ishikawa Life And Career Total Support Center)

දින සහ වෙලාව

  • පෙබරවාරි 22 සෙනසුරාදා ප.ව.6:00 – ප.ව.7:00 (SLST)
  • පෙබරවාරි 23 ඉරිදා ප.ව.6:00 – ප.ව.7:00 (SLST)

පවත්වන විදිහ සහ ගාස්තු

පවත්වන විදිහ

Zoom Webinar සම්මන්ත්‍රණය

ගාස්තු

නොමිලේ

වැඩ සටහන්

18:00 – 18:05 (SLST)
ඉෂිකාවා ප්‍රාන්තයේ කාර්යාලයෙන් ආචාර කිරීම
18:05 – 18:25 (SLST)
ඉෂිකාවා ප්‍රාන්තය ගැන සහ මෙහේ සමාගම්වලින් වැඩ කරන විදේශිකයන්ගේ ගාණ ගැන සහ මෙහේ ජීවත් වෙන විදේශිකයන් වැඩ කරන සමාගම්, කාර්යාලවල හැඳින්වීම
18:25 – 18:35 (SLST)
ඉෂිකාවා ප්‍රාන්තයේ රැකියා කරන ශ්‍රී ලංකාවේ ජාතිකයෙක්ගේ සම්මුඛ සාකච්ඡා ඇතුළත් වීඩියෝ
18:35 – 18:55 (SLST)
ජපානයේදී වැඩ කරන්න නම් අවශ්‍ය වෙන්නේ මොනවද
18:55 – 19:00 (SLST)
ඉෂිකාවා ප්‍රාන්තයේ කාර්යාලයෙන් ආචාර කිරීම

මේ ලින්ක් එක භාවිතා කරලා සම්මන්ත්‍රණයට එන්න පුළුවන්

මේ සම්මන්ත්‍රණයට ලියාපදිංචි වුණාට පස්සේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන ලින්ක් එක ලැබුණේ නැත්නම්, මේ ලින්ක් එක භාවිතා කරලා සම්මන්ත්‍රණයට එන්න පුළුවන්. :

📅 පෙබරවාරි 22 සෙනසුරාදා ප.ව.6:00 – ප.ව.7:00(SLST)
https://us02web.zoom.us/j/86747676323?pwd=t1lJRhWACFYLah2xMrdD6Qi3bIWqTs.1

📅 පෙබරවාරි 23 ඉරිදා ප.ව.6:00 – ප.ව.7:00(SLST)
https://us02web.zoom.us/j/85376598241?pwd=8oZcgmUHCFqblzQPCYkgUPMXQ9esrp.1

මෙතනින් අයදුම් කරන්න

සම්මන්ත්‍රණයට කලින්, මේ ලින්ක් එක ඔයාගේ ඊමේල් එකට හරි WhatsApp එකට හරි යවන්නම්.

මේ සම්මන්ත්‍රණය ගැන ඔයාට තියෙන ප්‍රශ්න වෙබ් අඩවියේ තියෙන FAQ කොටසෙන් බලන්න. ඒවායේ පිළිතුරු නැත්නම්, අපි දීලා තියෙන ප්‍රශ්නාවලියෙන් අහන්න පුළුවන්.

සම්මන්ත්‍රණ සහභාගිවන්නන් සඳහා නිතර අහන ප්‍රශ්න (FAQ)

A1. ඉහළ මට්ටමේ දක්ෂතා තියෙන අය විදිහට ජපානයේ රැකියා කරන්න පුළුවන් සමහර පදිංචි සුදුසුකම් තියෙනවා. එක් එක් පදිංචි සුදුසුකම ගන්න විදිහ ගැන පැහැදිලි කරන වෙබ් අඩවි ඔයාලට හඳුවලා දෙන්නම්.

තාක්ෂණික / මානව ශාස්ත්‍ර / ජාත්‍යන්තර කටයුතු:

විශේෂත්වය: වීසා අලුත් කරන්න කිසිම සීමාවක් නැහැ. කැමති නම් ඒ වීසා එකෙන් පවුලේ අයත් එක්ක ජපානයට ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන්.

අවශ්‍ය සුදුසුකම්: ඔයාගේ ශාස්ත්‍රීය පසුබිම නම් ඔයාගේ රටේ නැත්නම් පිටරටක හෝ ජපානයේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලැබිලා තියෙනවා කියලා ඔප්පු වෙන්න ඕනේ. විශ්වවිද්‍යාලයකින් අධ්‍යපනය කරලා නැත්නම් ජපානයේ විශේෂඥ පුහුණු පැසැලකින් හෝ ඒ පාසැලකට වඩා උසස් පාසැලකින් උපාධියක් ලබාගෙන තියෙනවා කියලා ඔප්පු වෙන්න ඕනේ. ඔයාගේ ශාස්ත්‍රී පසුබිම නැත්නම් රැකියා පසුබිම සහ ජපානයේ කරන්න බලාපොරොත්තු වෙන රැකියා වර්ගයට සම්බන්ධතාවයක් තියෙනවා කියලා තහවුරු වෙන්න ඕනේ. 

ශ්‍රී ලංකාවේ ජාතිකයන්ට උසස් පෙළ ඉවර වෙලා විතරයි නම්, මේ වීසා අරගෙන ජපානයේ රැකියා කරන්න බැහැ.

වෙබ් අඩවිය:

ජපාන ආගමන හා විගමන ඒජෙන්සිය :https://www.moj.go.jp/isa/applications/status/gijinkoku.html

සිංහල : ඉබේම පරිවර්ථනය කරන පද්ධතිය ආපහු පාවිච්චි වෙන්න පුළුවන් වෙන කොට සිංහලෙන් බලන්න පුළුවන්. 

විශේෂිත නිපුණතා සේවක:

විශේෂත්වය: ඔයාගේ අධ්‍යයනය පසුබිම් අදාළ වෙන්නේ නැති විදිහට ගන්න පුළුවන් සුදුසුකම්.  ජපන් ජාතිකයන් හා සමාන කොන්දේසි යටතේ රැකියා කරන්න පුළුවන්. 

අවශ්‍ය සුදුසුකම්: JLPT N4 මට්ටම හෝ ඊට වඩා ඉහළ මට්ටමක් අවශ්‍යයි. ඒක නැත්නම් JFT-Basic සමත් වෙන්න ඕනේ. ඊට අමතරව, ඔයා රැකියා කරන්න යන රැකියා ක්ෂේත්‍රයේ ප්‍රවීණතා පරීක්ෂණයකින් සමත් වෙන්න ඕනේ. 

වෙබ් අඩවිය:

ජපාන ආගමන හා විගමන ඒජෙන්සිය:

https://www.moj.go.jp/isa/applications/ssw/index.html

සිංහල : ඉබේම පරිවර්ථනය කරන පද්ධතිය ආපහු පාවිච්චි වෙන්න පුළුවන් වෙන කොට සිංහලෙන් බලන්න පුළුවන්:https://www.ssw.go.jp/si/

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය: “විශේෂිත නිපුණතා සේවක” වැඩසටහන”:

ඉංග්‍රීසී:https://www.slembassyjapan.com/specified_skilled_worker_program

සිංහල:https://www.slembassyjapan.com/sinhala_specified_skilled_worker_program

රැකවරණය: “රැකවරණය / හෙද සත්කාරය ක්ෂේත්‍රයේ විශේෂිත නිපුණතා සේවක යටතේ රැකියා කරන විදේශික ශ්‍රමිකයන් පිළිගැනීම ගැන” https://www.mhlw.go.jp/stf/newpage_000117702.html

සිංහල(ඉංග්‍රීසී විතරයි):https://www.prometric-jp.com/en/ssw/test_list/archives/2 (prometric)

දැන් ශ්‍රී ලංකාවේදී, ඔයාලාට ගන්න පුළුවන් ප්‍රවීණතා පරීක්ෂණ 7ක් තියෙනවා. 

රැකවරණය, ගොඩනැගිලි පිරිසිදු කිරීම, ඉදි කිරීම් කර්මාන්තය, ගුවන් සේවා කර්මාන්තය, හෝටල් කර්මාන්තය, කෘෂි කර්මාන්තය, ආහාර සේවා කර්මාන්තය.

・රැකවරණය:①Nursing care skills evaluation test、②Nursing care Japanese language evaluation test https://www.prometric-jp.com/en/ssw/test_list/archives/2  

・ගොඩනැගිලි පිරිසිදු කිරීම:The Building Cleaning Management Skills Evaluation Test https://www.j-bma.or.jp/examination/99550 

・ඉදි කිරීම් කර්මාන්තය:Specified skills evaluation Exam for Construction Industry (Civil engineering, Building, Infrastructure & equipment) https://www.prometric-jp.com/en/ssw/test_list/archives/10

・ගුවන් සේවා කර්මාන්තය:Airport Grand Handling Specified Skilled Worker (i) test https://exam.jaea.or.jp/?cat=29 (ජපන් භාෂාව විතරයි)

・හෝටල් කර්මාන්තය:Accommodation Industry Proficiency Test (i) https://www.prometric-jp.com/en/ssw/test_list/archives/12

・කෘෂි කර්මාන්තය:Agriculture Skill Assessment Test Level 1 (general crop farming, general livestock farming) https://www.prometric-jp.com/en/ssw/test_list/archives/5

・ආහාර සේවා කර්මාන්තය:Food service industry Specified Skilled Worker (i) test https://www.prometric-jp.com/en/ssw/test_list/archives/4

A2. “තාක්ෂණික / මානව ශාස්ත්‍ර / ජාත්‍යාන්තර කටයුතු” පදිංචි සුදුසුකම්: ජපාන සෞඛ්‍ය, කම්කරු හා සුබසාධක අමාත්‍යාංශය 2023දී කරපු වැටුප් පිළිබඳ විශාල සමීක්ෂණයකින් හෙළි වෙච්ච දේ අනුව, විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලැබිලා තියෙන අය රැකියාවක් පටන්ගත්තාට පස්සේ හම්බෙන පළමු වැටුප කොළ 240,000ක් වගේයි. (Rs.460,600 වගේ, 2025 පෙබරවාරි 1 වන දිනට), අවුරුද්දක් නම් (Rs.5,527,800 වගේ, 2025 පෙබරවාරි 1 වන දිනට). ඊට අමතරව, නවක උපාධිධාරීන්ට බෝනස් විදිහට මාස 0 ඉඳල මාස 2 දක්වා ලැබෙන්න පුළුවන් වෙන එක කල්පනා කළොත්, සාමාන්‍ය වාර්ෂික ආදායම කියන්නේ කොළ 2,800,000 – 3.300,000ක් වගේයි. (Rs.5,372,100 – 6,331,400 වගේ, 2025 පෙබරවාරි 1 වන දිනට)

එක් එක් ක්ෂේත්‍රවලට අනුව වෙනස්. නමුත් ජපාන සෞඛ්‍ය, කම්කරු හා සුබසාධක අමාත්‍යාංශය 2023දී කරපු වැටුප් පිළිබඳ විශාල සමීක්ෂණයකින් හෙළි වෙච්ච දේ අනුව, “විශේෂිත නිපුණතා සේවක” යටතේ රැකියා කරන විදේශික ශ්‍රමිකයන්ගේ සාමාන්‍ය වැටුප නම් කොළ 198,000ක් වගේයි. (Rs.380,000 වගේ, 2025 පෙබරවාරි 1 වන දිනට)

පැන්ෂන් පඩිය, ජාතික සෞඛ්‍ය රක්ෂණය, විවිධ බදු ඔයාගේ වැටුපෙන් කපා ගන්නවා කියලා මතක තියාගන්න. ඔයා රැකියා කරන සමාගමට අනුව ඒ ගාණ වෙනස් වෙන්න පුළුවන්. ඊට අමතරව, අවුරුද්දෙන් අවුරුද්දකට ඒ ගාණ වෙනස් වෙනවා.

A3. ජපානයේ රැකියා ඒජන්සියකට කතා කරන්න.

A4. ඔයාට තියෙන “විශේෂිත නිපුණතා සේවක” වීසා එක “තාක්ෂණික / මානව ශාස්ත්‍ර / ජාත්‍යාන්තර කටයුතු” වීසා එකට මාරු කරන්න කොන්දේසි සපුරනවා නම්, ඒ කියන්නේ ඔයා රැකියා කරන අලුත් සමාගමේ රැකියා විස්තර  “තාක්ෂණික / මානව ශාස්ත්‍ර / ජාත්‍යාන්තර කටයුතු” වීසා එකට මාරු කරන කොන්දේසිවලට යටත් නම් වීසා මාරු කරන්න ඔයාට පුළුවන්. එක පාරක් ජපානයෙන් පිට වෙන්න අවශ්‍ය නැහැ. “රැදී සිටීමේ සුදුසුකම් වෙනස් කිරීමේ අයදුම” ඔයා අයදුම් කළාට පස්සේ ජපාන ආගමන හා විගමන ඒජන්සි ඔයාට අවසර දුන්නොත් ඒ වීසා එක යටතේ රැකියා කරන්න ඔයාට පුළුවන්. ඒත් වීසා මාරු කරන්න ලේසි නැහැ. අමතර විස්තර මේ වෙබ් අඩවිවලින් බලන්න.

“රැදී සිටීමේ සුදුසුකම් වෙනස් කිරීම, රැදී සිටීමේ කාලය අලුත් කිරීමේ අවසරය සඳහා මාර්ගෝපදේශය”
https://www.moj.go.jp/isa/applications/resources/nyuukokukanri07_00058.html

“රැදී සිටීමේ සුදුසුකම් “තාක්ෂණික / මානුව ශාස්ත්‍ර / ජාත්‍යාන්තර කටයුතු””
https://www.moj.go.jp/isa/applications/status/gijinkoku.html

A5. දැනට ඉගෙනගන්න sending organization එකෙන් / Japanese Language Instituion එකෙන් අහන්න. 

A6. දැනට ඉගෙනගන්න sending organization එකෙන් / Japanese Language Instituion එකෙන් අහන්න.

A7. ඉෂිකාවා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලය 13ක් තියෙනවා. ඒ අතරේ සම්මන්ත්‍රණයේදී හඳුවලා දීපු කනසාවාත් හොකුරිකු විශ්වවිද්‍යාලයත් තියෙනවා. 

  1. Kanazawa Gakuin University: https://www.kanazawa-gu.ac.jp(ජපන් භාෂාව විතරයි)Faculty 8ක්. 2024 ජුනි මාසේ වෙන කොට විදේශික ශිෂ්‍යයන් දැනට කවුරුත් නැහැ. ඒත් මෙහෙට ඇවිත් ඉගෙනගන්න පුළුවන්.(Kanazawa Gakuin University 45 වෙනි පරිච්ජේදය)
  2. Kanazawa Professional University of Food Management: https://kanazawa-pu.ac.jp(ජපන් භාෂාව විතරයි)
    විදේශික ශිෂ්‍යයන් ගැන තොරුතුරු නැහැ නමුත් විදේශික ශිෂ්‍යයන්ව පිළිගන්න ඇති. ජපන් භාෂාව ඕනේමයි. 
  3. Kinjo University: https://www.kinjo.ac.jp/english/prospective/examination.html(Outline of Entrance Examinations for International Students)
    දැනට විදේශික ශිෂ්‍යයන් කීප දෙනෙක් ඉගෙනගන්නවා ඇති. https://www.jpss.jp/en/univ/472/ 
  4. Hokuriku Gakuin University: https://www.hokurikugakuin.ac.jp/univ/(ජපන් භාෂාව විතරයි) විදේශික ශිෂ්‍යයන් ගැන තොරතුරු සඳහන් නැහැ. 
  5. Ishikawa Prefectural Nursing University: https://www.ishikawa-nu.ac.jp/eng/
    විදේශික ශිෂ්‍යයන් ගැන විස්තර අඩුයි ඒත් 2024 ශිෂ්‍යයන් ඇතුළත් වීම සඳහා වන නීති රීතිවල තිබුණ විදිහට “විදේශයක පාසල් අධ්‍යාපනය අවුරුදු 12ක් ඉවර කරපු කෙනෙක්” නම් “දැනට වැඩ කරන අයව තොරා ගැනීමෙන්” ඇතුල් වීමේ පරීක්ෂණය ගන්න පුළුවන්.
  6. Ishikawa Prefectural University: https://www.ishikawa-pu.ac.jp/#
    2024දී, විදේශික ශිෂ්‍යයන් කීප දෙනෙක් ඉගෙනගන්නවා. https://www.jpss.jp/en/univ/976/2533/  ශිෂ්‍යයන් ඇතුළත් විම සඳහා වන නීති රීති(https://www.ishikawa-pu.ac.jp/wp-content/uploads/2024/05/R7shihigaikokujin_gaiyou.pdf)(ජපන් භාෂාව විතරයි)
  7. Kanazawa College of Art: https://www.kanazawa-bidai.ac.jp/en/ 
    2024දී, විදේශික ශිෂ්‍යයන් 34 දෙනෙක් ඉගෙනගන්නවා.
    https://www.kanazawa-bidai.ac.jp/about/organization/
    විදේශීය විශ්වවිද්‍යාල 10ක් සමඟ එකතු වෙලා, ශිෂ්‍යයන් හා ආචාර්යවරුන් අතර හුවමාරු කරගන්නවා.
    https://www.kanazawa-bidai.ac.jp/about/organization/
  8. Komatsu University: https://www.komatsu-u.ac.jp/en/
    “විදේශික ශිෂ්‍යයන් විදිහට මෙතනින් ඉගෙනගන්න කැමති අයට”
    https://www.komatsu-u.ac.jp/about/facilities/international/inbound
    විදේශීය විශ්වවිද්‍යාල කිහිපයක් සමඟ එකතු වෙලා, ශිෂ්‍යයන් හා ආචාර්යවරුන් අතර හුවමාරු කරගන්න ගිවිසුම් අත්සන් කරලා තියෙනවා.
    https://www.komatsu-u.ac.jp/about/facilities/international/partner.html
  9. Kanazawa Institute of Technology: https://www.kanazawa-it.ac.jp/ekit/ 
    මේ විශ්වවිද්‍යාලයේ “ජපන් භාෂාව ඉගෙන ගන්න විශේෂ වැඩසටහනක්” තියෙනවා. ගිම්හාන සමයේදී සති 4 සිට 6 දක්වා කාලයක් ශිෂ්‍යයන් 30 දෙනෙකු දක්වා පිළිගන්නවා.
    https://www.kanazawa-it.ac.jp/ekit/exchanges/index.html 
    ඊට අමතරව, ශ්‍රී ලංකාවේ මහරගමේ තියෙන LANKA NIPPON BIZTECH INSTITUTE එකෙන් උපාධියක් ලැබුණු ශිෂ්‍යයන්ව මේ විශ්වවිද්‍යාලයේ පිළිගන්න වගේ විශ්වවිද්‍යාල අතර ගිවිසුමක් අත්සන් කරල තියෙනවා.
    https://www.kanazawa-it.ac.jp/kitnews/2019/1028_lnbti.html(ජපන් භාෂාව විතරයි)
  10. Kanazawa Medical University: https://www.kanazawa-med.ac.jp/English/public_html/
    ජාත්‍යන්තර සබඳතා කාර්යාලයේදී විදේශීය ශිෂ්‍යයන්ව පිළිගන්නවා.
    https://www.kanazawa-med.ac.jp/kmucie/english/
  11. Kanazawa Seiryo University: https://www.seiryo-u.ac.jp/u/ (ජපන් භාෂාව විතරයි)
    2024 මැයි මාසේ පළවෙනිදා වෙනකොට, විදේශික ශිෂ්‍යයන් 18 දෙනෙක් ඉගෙනගන්නවා. https://www.seiryo-u.ac.jp/u/outline/hv857g00000001ko-att/p0l15m00000000dh.pdf

A8. ඉෂිතාවා ප්‍රාන්තයේ ප්‍රධාන වශයෙන් තනසාවා නගරේ ජපන් භාෂා පාසැල් කීපයක් තියෙනවා. 

ඉෂිකාවා ප්‍රාන්තයේ ප්‍රධාන වශයෙන් කනසාවා නගරයේ ජපන් භාෂා පාසැල් කීපයක් තියෙනවා. 
https://www.ifie.or.jp/wp/wp-content/uploads/2024/03/202312JapaneseschoolinIshikawa.pdf

විදේශ රැකියා ආයතනයේ සහ ජපන් භාෂා පාසලේ ජපන් භාෂාව ඉගෙනගන්නවා නම්, JFT – Basic හෝ JLPT N4 ට වඩා ඉහළ මට්ටමකින් සමත් වෙලා තියෙනවා නම්, ජපානයට ගිහිල්ලා ඉෂිකාවා ප්‍රාන්තයේ ජපන් භාෂා පාසලකින් තවදුරටත් ජපන් භාෂාව ඉගෙනගන්න පුළුවන්ද කියලා දැනට ඉගෙනගන්න ආයතනය හෝ පාසලේ අයගෙන් අහන්න. 

දැනට ඔයා ඉගෙනගන්න ආයතනය හෝ පාසැල ඉෂිකාවා ප්‍රාන්තයේ ජපන් භාෂා පාසලක් එක්ක එකතු වෙලා නම් එහෙට ගිහින් ඉගෙනගන්න උදව් කරන්න පුළුවන් වෙයි. ඒත් ඒක හරියටම කියන්න බැහැ.

A9. “ශිෂ්‍ය වීසා” කියන පදිංචි සුදුසුකම යටතේ අතිරේක රැකියා කරන්න අවසරය ලැබුණොත් රැකියා කරන්න පුළුවන්. 

ඒ වගේම, සතියකට පැය 28ට වඩා අඩුවෙන් රැකියා කරන්න අවසරය ලැබෙනවා. ( දීර්ඝ නිවාඩු කාලය ( ගිම්හාන සමයේ නිවාඩු වගේ) නම් දවසකට පැය 8ට වඩා අඩුවෙන්) 

තව විස්තර ජපාන ආගමන හා විගමන ඒජන්සියේ වෙබ් අඩවියෙන් බලන්න. ( දැනට ජපන් භාෂාව විතරයි) 
https://www.moj.go.jp/isa/applications/resources/nyuukokukanri07_00159.html

A10. JFT-Basic හෝ JLPT N4 සමත් වෙලා ඉන්න එක හොඳයි! ඒත් ඒක විතරයි නම් මදි. ඊට අමතරව, ජපානයේ රැකියා කළොත් ජපන් භාෂාව කතා කරන එක දියුණු වෙන්නේ නැහැ. ඉෂිකාවා ප්‍රාන්තය විතරක් නෙමෙයි ජපානය පුරාම සමාගම් ඔයාව පිළිගන්න කැමතියි. ඒත් JLPT N3 සමත් වෙලා නැති වුණත් ඒ මට්ටමේ එදිනෙදා ජීවිතයේදී ජපන් භාෂාව කතා කරන්න පුළුවන් විදේශික ශ්‍රමිකයන්ව තමයි ඉල්ලන්නේ. ඔයා දැනට ඉගෙනගන්න ආයතනය හෝ පාසැල ඉදිරිපත් කරන ජපන් භාෂා පන්තියට හවුල් වෙන්න. ඇප් එකෙන් හරි වීඩියෝ එකෙන් හරි මහන්සි වෙලා ඉගෙනගන්න. විශේෂයෙන් කතා කරන්න පුරුදු වෙන්න. ඒක දිගටම කරන්න. දැනට ඉගෙනගන්න ආයතනයේ හෝ පාසැලේ පාවිච්චි කරන වචන, පොත්වල තියෙන ජපන් භාෂා වචන ආයෙ ආයෙ ඇහෙන්න කියවන්න. ඔයාට තවම දන්නේ නැති වචනවල තේරුම මොකද්ද කියලා හොයාගන්න. ඔයාට පුළුවන් නම් JLPT N3 හෝ ඒ හා සමාන ජපන් භාෂා  පරීක්ෂණයක් ගන්න බලන්න. ඒකෙන් සමත් වෙන්න උත්සාහ කරන්න. “ඒ පරීක්ෂණය ගන්න පුළුවන් වෙන්නේ ජපානයට ගියාට පස්සේ” කියලා කියන අයත් ඉන්නවා. නමුත් ඒකේ ගාස්තු ලංකාවට වඩා වැඩියි. ඒ විතරක් නෙමෙයි ජපානයට ගියාට පස්සේ ඒ පරීක්ෂණය වෙනුවෙන් ඉගෙනගන්න වෙලාව ගන්න එක ගොඩක් අපහසු වෙයි. ශ්‍රී ලංකාවේ මේ ප්‍රස්ථා පිරුළ මතක තියාගන්න.
“කාලය රන් හා සමානයි”.

A11. ජපානයේ කොහේ වුණත් භූමිකම්පා සිද්ධ වෙනවා. ලොකු භූමිකම්පාවක් සිද්ධ වුණොත් කලබල වෙන්නේ නැතුව ඉන්න ඕනේ. 

මේ වෙබ් අඩවිය බලලා ඒක සිද්ධ වෙන්න කලින්ම ලෑස්ති පිට ඉන්න. 

ඉෂිකාවා ප්‍රාන්තයේ වෙබ් අඩවිය: “භූමිකම්පාව සිද්ධ වෙන්න කලින්ම ලෑස්ති පිට ඉන්න”
https://www.pref.ishikawa.lg.jp/bousai/bousai_g/jishin_sonae/index.html

ඉංග්‍රීසී:
https://www-pref-ishikawa-lg-jp.translate.goog/bousai/bousai_g/jishin_sonae/index.html?_x_tr_sl=ja&_x_tr_tl=en&_x_tr_hl=ja

A12. ඔව්, තියෙනවා. අඩුම ගාණේ තුනක් තියෙනවා. Google Map එකෙන් “Ishikawa Prefecture Sri Lankan Restaurant “ විදිහට හොයලා බලන්න. 

A13. සමාගම් ඔක්කොටම නවාතැන් තියෙනවා කියලා කියන්න බැහැ. ඒ නිසා යම් සමාගමකින් රැකියා කරන්න අයදුම් කරන්න කලින්ම ඒ සමාගමේ වෙබ් අඩවියෙන් තොරතුරු හොයාගන්න.

A14. ජපානයේදී විවෘත කරපු ඔයාගේ බැංකු ගිණුමෙන්, ලංකාවේ ඔයාගේ ගමේ නැත්නම් දෙමව්පියන්ට අයිති බැංකු ගිණුමකට යවන්න පුළුවන්. ( ලංකාවේ හැම බැංකු ගිණුමකටම යවන්න පුළුවන් කියන සහතිකය නම් නැහැ. ) ලාංකිකයන් ගොඩක් තමන්ගේ බැංකු ගිණුම් විවෘත කරන්නේ “යූචෝ ගින්කෝ” ( යූචෝ බැංකුව ). ඒකෙන් තමයි තමන්ගේ ගමේ බැංකු ගිණුමට සල්ලි යවන්නේ. 

ඒත් සල්ලි යවන්න ලොකු ගාස්තුවක් යනවා. ඒ නිසා ඔන්ලයින් බෑංකින් එකෙන් සල්ලි යවන එක ගැන හිතලා බලන්න. හැබැයි මතක තියාගන්න, සල්ලි යවන එක ඔක්කොම තනියෙන් කරන්න. වෙන අයට හරි යාළුවන්ට හරි භාර දෙන්න එපා! එයාලා ඔයාගෙන් අමතර ගාස්තු ගන්න පුළුවන්. 

නැත්නම් එයාලා ඔයා භාර දීපු සල්ලි ඔක්කොම හොරකම් කරන්නත් පුළුවන්.